ලාංකිය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් විදිහට අපිට ගයත්‍රි ඉරූෂා ඩයස් හදුන්වන්න පුලුවන්.
සීමිත නිර්මාණ කිහිපයකට පමණක් රංගනයෙන් දායක වුණත් ඇගේ අනන්‍යතාවය ජනතාව අතරට ගෙනයන්න ඇයට හැකියාව ලැබුණා.
මේ දවස්වල ඇගේ ජීවිත අත්දැකීම් සහ ජීවිත අත්දැකීම් ගැන යුටියුබ් නාලිකාවක් ඔස්සේ සම්බන්දවෙමින් කතා කරපු දේවල් ගැන බොහෝ රසික රසිකාවියන් කතා කරමින් යනවා.
මේ ඇය ඒ වෙනුවෙන් fb හි දැමූ සටහනක්
මේ දවස්වල මගේ ජීවිත අත්දැකීම් ගැන මම කතා කරපු දේවල් ගොඩක් අයගේ ජීවිත අත්දැකීම් බවට දැන් සහතික වෙලා ඉවරයි. ඒ මගේ කතාව විතරක්ම නෙමෙයි අපි ගොඩක් අයගේ කතාව. ඒක ගෑනු පිරිමි භේදයකින් තොරවම එයාලගෙත් කතාව.ඉතින් මං අද මේ විදියට ඔයාලට කියපු ඒ කතාව ගිය 2023 අවුරුද්දේ දවසක මම කවියකට අකුරු එකතු කලා. ඇත්තටම ඒත් එක දවසක මට මං ගැනම දැනිච්ච දුකට. මං මේක මීට කලින් ෆේස්බුක් එකේ දැම්මා ,නමුත් ඒකත් ගොඩක් අය විහිළුවකටයි ගත්තේ.
එක බත් මුල ලිහාගෙන කැහැටි මතකයි නිවෙන්න පොරකන එලියෙන් පහන්.
ඒ බත් මුල ගත්තේ අස්සක් නෑර සොයලයි සතෙන් සතේ ගෙයි මුල්ලෙන්.. පසුදා පිහන්නට නැතුවත් කිසිම දෙයක් අද ගතකර ගත්තේ පෙර කල පිනකට සිතු හද පත්ලෙන්…
රබර් වතු අතර රින්ගා ගලවන් ගොටුකොල උකුලට ඇදි සායම ඉනට අරන්.
එන මග වැටවල් වල ඇති මැදඹල එක දෙක හෝ හොරෙන් ඇදන්..
කඩයට දිවයන්නේ සහල් දේසියක් වත් නයට ගන්නයි නය පොතත් අරන්…
බත් ටික උයා ගොටුකොල සම්බෝල සදා දඹල මැ කරල් එක මාලුවක් කරන්..
කන්න එන තෙක් බලන් හිටියා පසැල් නොගිහින් බතසරි කල මන් අයියා නංගිත් අරන්…
මේ ඇය යුටියුබ් නාලිකාවකට සම්බන්ද වෙමින් පැවසූ කතාවක් ඇසුරින් …
ගයත්‍රි ඩයස් කියන්නෙ කවුද?
මම මට්ටු වෙන්නෙ නැති චරිතයක්. එකම වලට දෙපාරක් වැටෙන කෙනෙක්. මම හරියට මිනිස්සුන්ට රැවටෙනවා. මගෙ නරක පැති තියෙනවා තමයි නමුත් මම මිනිස්සුන්ට හරියට ආදරය කරනවා.
අපි යමු ඉස්කෝලෙ කාලෙට
ඉස්කෝලෙ කාලෙ කියන්නෙ මට තිබුණු අසුන්දරම කාලයක් කිව්වොත් හරි. ගොඩක් අයට සුන්දරයි. නමුත් මට ලොකු සුන්දරත්වයක් තිබුණෙ නෑ. මම ඉපදුණේ මාතලේ. නමුත් මම කොළඹම තමයි ජීවත් වුණේ. අපේ අම්මයි තාත්තයි විවාහයෙන් වෙන් වෙලයි හිටියේ. මේවගේ ප්‍රශ්නත් එක්ක මට ලොකු ප්‍රශ්න තිබුණා. මගේ අම්මා රට ගිහින් හිටියෙ. තාත්ත ළග තමයි අපි හිටියේ. මට නංගි කෙනෙක් අයියෙක්ම හිටියා. ඉස්කෝලෙ ගිහින් දවල්ට එනකොට කන්නවත් හදල දෙන්න කෙනෙක් හිටියෙ නෑ. ගෙදර ඇවිල්ල ඉතින් උයාගන තමයි කෑවෙ. බත් එකක් අමාරුවෙන් හදාගන මොනාහරි දෙයක් එක්ක අමාරුවෙන් කාල හිටියෙ. ආර්ථික ප්‍රශ්නත් අපිට තිබුණා. ඉස්කෝලෙ ගිහින් එනගමන් වතුවල තියෙන කොළ වර්ග ඇදගෙන එනවා. ඒ අතට අහුවෙන කොල තමයි හදල කන්නේ. ඒ අතර අපේ තාත්තා අපිව රාගම ඉන්න ලොකු අම්මලැ ගෙදර නවත්තලා අපිව දාල යනවා. මට අවුරුදු 15ක් වගේ ඇති. එතකොට මම ඉස්කෝලෙ යනවා කියලා තාත්තව හොයාගන කොළඹ ආවා. අතේ තිබුණේ කොළඹ යන්න විතරයි එන්න සල්ලි තිබුණේ නැහැ. මම ගියේ තාත්තව හම්බ වෙන්න ඒත් තාත්තව හම්බුනේ නැහැ. මගෙ අතේ ඉතුරුවට තිබුණු සල්ලි වලින් මට පෑලියගොඩට විතරයි එන්න පුලුවන් උනේ. මම පැලියගොඩින් බැහැලා රාගමට පයින් ආවා.
පළවෙනි ජොබ් එක
මගේ පළවෙනි ජොබ් එක (receptionist) පිලිගැනීමේ නිලධාරිනියක් විදිහට කොල්ලුපිටියෙදි රස්සාව කරා. මට අවුරුදු 15යි. මම උදේට ඉස්කෝලෙ ගිහින් හවසට තමා ඒ ජොබ් එක කරේ. ආර්ථික ප්‍රශ්න වැඩි කමට. පලවෙනි පඩිය ලැබුණෙ මට රුපියල් 6000ක් වගේ. මේ වගේ තැන් තැන්වල වැඩ කරලා තමයි සල්ලි කීයක් හරි හොයා ගත්තෙ. කොහොම හරි මේ දේවල් කරලා ගොඩයනවා කියන අදහසක මම ඒකාලෙ හිටියා. කොහොම උනත් හැමදේම ලබා ගත්තෙ හරිම කැපවීමකින්. මම හැමදාම බැලුවෙ මේ ඉන්න තත්වෙන් කවදද ගැලවෙන්නෙ කියලා.
අඩු වයසින් බැන්ද හේතුව
ගොඩ දෙනෙක් හොයනවා මම අඩු වයසින් කසාද බැන්දේ ඇයි කියලා. මම අඩු වයසින් කසාද බදින්නත් මේ හේතුව මට බලපෑවා. මට ඉන්න ගෙයක් නැති වෙච්ච එක තමයි මුලිකම දේ. මට පවුලක් නොතිබුණ එක බලපෑවා. මට චන්නව හබ්බෙනකොට මට හිතුණ දේ තමයි මට ඉන්න ගෙයක් පවුලක් රැකවරණයක් ලැබෙනවානේ කියලා. එතකොට මට වයස අවුරුදු 17ක්. අපි දෙන්නා හරියට දැනගෙනවත් නෙවෙයි බැන්දේ. එකපාරටම එයා මගෙන් බදින්න ඇහුවම බොහොම කෙටි කාලයකදි තමයි අපි දෙන්නා විවාහ වෙන්නේ.
හිමි වීම් අහිමි විම් ගැන දකින විදිහ
අහිමි වීම නතර කරගන්න මම ගොඩක් දේවල් කරන්න වෙහෙසුන කෙනෙක්. නමුත් අපි තේරුම් ගන්නෝන දෙයක් තියෙනවා. මට ඒ කෙනා අකමැති නම් බලෙන් රදවාගැනීම තේරුමක් නැහැ කියලා. ඒ කාලය මට දරාගන්න බැරි වුණ කාලයක්. නමුත් මම ඒදේට මුහුණ දුන්නා. අපි දෙන්නගෙ ජීවිතය ඇතුළෙ එයා අපහසුතාවෙන් ඉන්න එකත් මම අපහසුතාවෙන් ඉන්න එකත් ලොකු දුකක්. මටත් හොරෙන් වෙන තැනක නතර වෙලා තියෙනව කියන්නෙම මම තුළ එයාට සතුටක් නැ කියලා.
ඔයා සතුටින්ද?
මම දැන් තමායි සතුට කියන දේ හොයාගෙන තියෙන්නෙ. මම සතුට සෑහෙන්න හොයපු කෙනෙක්. මට ලැබෙන ඇත්තම සතුට තියෙන්නෙ සොබාව දර්මය එක්ක. සත්තු එක්ක. ඒක මම හොයා ගත්තෙ ළගකදි. මම හිතන්නෙ නැ 100% මිනිස්සු සතුටින් ඉන්නවා කියලා. දුකින් ඉන්නව කියල හිතෙන්නෙත් නෑ, දුක සතුට කියන දේ සාපේක්ෂයි.