අද අපි කතා කරන්නේ අපිට කරන්න හිතෙන්නේවත් නැති දෙයක් ගැන.
ඒක ඇත්තටම ඇතැමෙක්ට ජුගුබ්සාජනක හැඟීමක් ඇති කරන්න පුළුවන්.
කොහොම නමුත් මේ කතාව අතිශය පුදුම සහගත කතාවක්…..
ඕගොල්ල කැමතිද මදුරුවෝ කන්න
ඒකත් නිකම්ම නිකං මදුරුවො නෙමෙයි.
මදුරු බර්ගර් එකක් කන්න කැමතිද ?
මේ මදුරු බර්ගර් එක කන්න නම් ඔයාලට අප්‍රිකාවට යන්න වෙනවා.
අප්‍රිකානු විල් කලාපයේ විශේෂයෙන්ම මලා විවිල ආශ්‍රිතව ටැන්සානියාව මලා වි සහ මුසැම්බික් වගේ රටවල් වල මදුරුවන්ගෙන් බර්ගර් හදනවා.
මේක ඇත්තටම හරි අමුතු දෙයක් තමයි.
එත් ජනතාව මදුරුවන්ගෙන් බර්ගර් හදන්නේ සුවිශේෂී හේතුවක් හින්දා.
ඇත්තටම කිව්වොත් මේක මදුරු කරදරයෙන් මිදෙන්න පිළියමක්.
ඒ වගේම එයාලට නම් මේක හරිම රස කෑමක්.
මේ ජනතාව මදුරුවන්ගෙන් බර්ගර් වගේම රොටි හදනවා.
මේවා හඳුන්වන්නේ කුන්ගා කේක් එහෙමත් නැත්නම් කුන්ගු කියන නමින්.
මෙය මදුරු බර්ගර් ලෙස හැඳින්වුවත් මේවා සකස් කරන්නේ මැස්සන්ගෙන්.
ඒ සඳහා මිජ්ස් (midges) නම් කුඩා මැස්සන් හෝ වෙනත් වර්ගවල මැස්සන් වර්ග යොදා ගැනෙනවා.
මෙම මැස්සන් විශාල වශයෙන් රොක් වන බව තමයි වාර්තා වෙන්නේ.
මෙම කෘමීන් අනුභව කිරීම මලාවි විල අවට ප්‍රජාවන්ගේ පරම්පරා ගණනාවක් පැරණි පුරුද්දක්.
එය නූතන සොයාගැනීමක් නොව, සියවස් ගණනාවක් තිස්සේ පැවත එන ජීවනෝපාය මාර්ගයක් බවයි පැවසෙන්නේ.
වර්ෂා සමයේදී හෝ විශේෂිත කාලවලදී මලාවි විල වැනි ජලාශ අසල දැවැන්ත ලෙස චාබොරස් එඩුලිස් නම් මිජ්ස් වර්ගය ඇති වෙනවා.
මෙම කෘමීන් මිනිසුන්ට කරදරකාරී වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ අති විශාල සංඛ්‍යාව සහ ඒවා රොක් වන ආකාරයයි.
කුංගා කේක් සඳහා යොදා ගන්නා ප්‍රධාන කෘමියා වන්නේ ෆැන්ටම් මිජ්ස්.
මෙම මිජ්ස් මෙන් ලේ උරා බොන්නේ නැහැ.
නමුත් දැවැන්ත රංචු නිසා මිනිසුන් අපහසුතාවයට පත් වනවා.
වර්ෂා සමයේදී හෝ විශේෂිත කාලවලදී මලාවි විල වැනි ජලාශ අසල ඝන දුම් කඳක් හෝ කළු සුළි කුණාටුවක් මෙන් කෘමි රංචු ඇති වනවා.
ඒවා නිසා අසල මාර්ගවල ගමන් කිරීමේදී සහ දර්ශනයට බාධා ඇති විය හැකියි.
වැඩිහිටි කෘමීන් මිය ගිය පසු, ඒවා නිවාසවල, වාහනවල සහ අනෙකුත් පෘෂ්ඨ මත විශාල වශයෙන් තැන්පත් වී අපිරිසිදු බවක් ඇති කරනවා.
මෙම රංචු පිටත ක්‍රියාකාරකම්වලට බාධා ඇති කරන බවයි වාර්තා වන්නේ.
සමහර විට වායු ජල පෙරහන් පද්ධති අවහිර කිරීමට පවා හේතු වනවා.
මෙම මිජ්ස් කීටයන් ජලයේ වැඩිපුර සිටීම, විශේෂයෙන් ජලයේ පෝෂක අධිකව ඇති විට වගේම ජලය දූෂණය වූ විටත් වෙන්න පුළුවන්.
ඉතින් මේ කරදරකාරී මැස්සන්ව එම ප්‍රජාවට වාසියක් බවට පත් කර ගෙන තිබෙනවා.
ඔවුන් එම කෘමීන් ප්‍රෝටීන් සම්පතක් ලෙස සලකනවා.
ගැඹුරු භාජන, පෑන් හෝ විශාල භාජන මෙම මැස්සන් අල්ලාගැනීම සඳහා භාවිත කෙරෙනවා.
මෙම භාජන හෝ පෑන් තෙල් ආලේප කර වේගයෙන් අත එහෙ මෙහෙ වනමින් ඔවුන් අල්ලා ගැනෙනවා.
තෙල් නිසා කෘමීන් පහසුවෙන් භාජන වලට ඇලෙනවා.
මේ කෘමීන්ගෙන් සකසන එක් ‘බර්ගර්’ එකක් සඳහා කෘමීන් ලක්ෂ ගණනක් අවශ්‍ය වනවා.
අල්ලාගත් කෘමීන් විශාල ප්‍රමාණයක් එකට දමා ඉතා තදින් සම්පීඩනය කරනු ලැබේ.
එවිට කෘමීන්ගේ ස්වභාවික ශරීර තරල සහ මේදය නිසා ඔවුන් එකට ඇලී තලපයක් බවට පත් වනවා.
මෙම තලපය දෑතින්ම හෝ භාජන වලට තද කර බර්ගර් පැටි වලට සමාන රවුම් හෝ හතරැස් හැඩයකට සාදා ගන්නවා.
මේ සඳහා සාමාන්‍යයෙන් වෙනත් අමුද්‍රව්‍ය වන පිටි, බිත්තර වැනි දෑ එකතු කරන්නේ නැහැ.
ඉන් අනතුරුව මෙම පෑටි තෙල් දමා පෑන් එකක දමා දෙපැත්ත හොඳින් කළු පැහැ වන තුරු හෝ තද වන තුරු බැදීම සිදු කෙරෙනවා.
සමහර ප්‍රදේශවල ස්ටූ හෝ සුප් සෑදීම සඳහා ද මේ කෘමින් භාවිත කෙරෙනවා.
බදින ලද කුංගා කේක් එක ප්‍රෝටීන් බහුල ආහාරයක්.
එයට මස්,මාළු හෝ කේවියර් වලට සමාන රසයක් ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.
තවත් සමහරු එය “උමාමි (Umami) රසය” ලබා දෙන බව පවසනවා.
මෙම ක්‍රමය අප්‍රිකානු ග්‍රේට් ලේක්ස් කලාපයේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිත කරන සාම්ප්‍රදායික හා නවීන නොවන ක්‍රමයක්.
මෙම කලාපයේ බොහෝ විට මස් හිඟයක් පවතින බැවින් මෙය එයට ආදේශකයක් ද වනවා.
එය මස් හෝ මාළු වලට වඩා වැඩි ප්‍රෝටීනයක් ලබා දිය හැකි අහර වේලක් බවයි වාර්තා වන්නේ.
සමහර වාර්තා වලට අනුව එක් පෑටි එකක මිජ්ස් 500,000 සිට 600,000 දක්වා ප්‍රමාණයක් අඩංගු විය හෙකි බව පැවසෙනවා.
මෙම කෘමි පෑටි, ඒවායේ හැඩය සහ ප්‍රෝටීන් අන්තර්ගතය නිසා බටහිර ලෝකයේ ‘මදුරු බර්ගර්’ ලෙස ජනප්‍රිය වී තිබෙනවා.
සරලවම කිවහොත්, කුංගා කේක් යනු ආහාර හිඟතා පවතින පරිසරයක ප්‍රජාව විසින් සාර්ථකව සොයාගත් සහ පවත්වාගෙන යන ලද පෝෂණීය සහ රසවත් විසඳුමක්.
එම විසඳුම ඔවුන්ගේ ජීවිතයට සහ අනන්‍යතාවයට ඒකාබද්ධ වීම නිසා එය ‘සංස්කෘතික ආහාරයක්’ බවට පත් ව තිබෙනවා.
– අංජනී














