බදුල්ල දිස්ත්‍රික්කය යළි ගොඩනැගීමේ අරමුණින්, මාතර දිස්ත්‍රික්කයෙන් ස්වේච්ඡා කණ්ඩායමක් ඊයේ බදුල්ලට පැමිණ තිබෙනවා.
එම පිරිසට 826 දෙනෙක් අයත් බවයි වාර්තා වන්නේ.
ඔවුන් දින 05ක මෙහෙයුමක් සිදු කිරීමට නියමිතයි.
හානියට පත් ප්‍රදේශ යළි නගා සිටුවීමේ අරමුණින් පැමිණි මෙම පිරිස, ඉදිරි දින 5ක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ ප්‍රධාන ප්‍රදේශ රැසක ස්වේච්ඡා ශ්‍රම දායකත්වය ලබා දීමට සුදානමින් සිටිනවා.
බදුල්ල, ලුණුගල , පස්සර, සොරනාතොට, කන්දකැටිය , මීගහකිවුල, වැලිමඩ, ඌව පරණගම හා හාලි ඇල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
මෙම මෙහෙයුම සඳහා පැමිණි මාතර කණ්ඩායම, බැකෝ යන්ත්‍ර, එස්කැවේටර්, චේන් සෝ සහ ජල බවුසර් වැනි අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍රද රැගෙන විත් තිබෙනවා.
ස්වේච්ඡා සේවාවේ නිරත වන පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින්, ඔවුන්ට මී උණ සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී අවශ්‍ය වැඩ සැලසුම් අනුව උපකරණ සමග එම ප්‍රදේශ වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.













