කලගුණ අමතක කරන්න හොද නැහැ කියලා කියනවනෙ. මේ කියන්න යන්නෙ කළ ගුණ අත් නොහළ පෙන්ගුයින් කෙනෙක් ගැන කිව්වොත් ඔබ පුදුම වේවි.
බ්‍රසීලයේ ජීවත් වෙන ජුආන් (Brazilian Juan)ට 2011 තමයි මේ පුදුමාකාර පෙන්ගුයින්ව හම්බ වෙන්නෙ. එයාට මේ පෙන්ගුයින්ව හම්බෙන්නෙ දුර්වල වෙලා වෙරෙළෙ වැටිල ඉන්න අවස්ථාවක. ඇග හැමතැනම තෙල් තැවරිලා, හුස්මගන්න අමාරුවෙන් දගලන මේ පෙන්ගුයින්ව ජුවාන් ගෙදර අරගෙන ආවෙ එයාව සනීප කරන බලාපොරොත්තුවෙන්. පෙන්ගුයින්ගේ අත්තටුවල තිබුණ තෙල් තට්ටු ඉවත් කරමින් කන්න බොන්න වගේම අවශ්‍ය බෙහෙත් ටික දීල පෙන්ගුයින්ට “ඩින්ඩිම්” කියල නමකුත් දාල ඔහු මෙම සත්වයාව ආරක්ෂා කලා.
ජුවාන් හිතුවෙ ඩින්ඩිම් සනිප වුණාට පස්සෙ එයා තමන්ගේ වර්ගයා ලග ඉන්න ඔන කියලා. එහෙම හිතලා ඒයාව යවන්න උත්සාහ කරත් ඩින්ඩිම් ගියේ නැහැ. ඩින්ඩිම් මාස 11ක් පමණ කාලයක් ජුවාන් එක්ක කාලය ගත කලා. ඉන් පසු දවසක ඩින්ඩිම් මුහුදට ගිහින් තියෙනවා. ජුවාන් හිතුවෙ ඩින්ඩිම්ට දැන් හොදටම සනිප නිසා එයා එයාගෙ කට්ටිය ලගට යන්න ඇති කියල. ඒත් ඩින්ඩිම් මාස කිහිපයකට පමණ පසු නැවත ජුවාන්ව හොයාගෙන ආව. ජුවාන් කවදාවත් හිතුවෙ නැහැ ඩින්ඩිම් ආයි එයි කියලා. ඩින්ඩිම් ගෙ මේ පැමිණීම කවුරුත් මවිතයට පත් කලා. එදා ඉඳන් අද වෙනකම් හැම අවුරුද්දකම ඩින්ඩිම් තමන් බෝවන ප්‍රදේශය වන ආර්ජන්ටිනාවේ සහ චිලී වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් 8000ක් (සැතපුම් 5000ක්) පීනගෙන බ්‍රසීලයට එන්නේ තමන්ගේ පණ බේරගත්ත “ජුවාන් මිතුරාව” බලල යන්න.
“මම මේ පෙන්ගුයින්ට ආදරේ මගේම දරුවෙක්ට වගේ, එයා මටත් ඒ වගේම ආදරෙයි කියලා මම දන්නවා. එයා මට විතරයි එයාගෙ මාලු කවන්න නාවන්න වගේ දේවල් කරන්න ඉඩ දෙන්නෙ. ” ජුවාන් කිව්වෙ මෙහෙමයි.
ලෝකයේ කොහේ හරි තැනක තමන්ට උදව් කරපු මනුස්සයෙක්ව අවුරුදු ගාණක් යනකම් මතක තියාගෙන, ඒ මනුස්සයාව බලන්න විතරක් කිලෝමීටර් දහස් ගණනක් මුහුදේ පීනගෙන එන පෙන්ගුයින් නැත්තම් ඩින්ඩිම් මුලු මහත් මිනිස් වර්ගයාටම හොඳ ආදර්ශයක්.














