එළඹෙන 2026 වසර, අපේ රටේ සමස්ත ජනතාවගේ යහපත උදෙසා අතිශය උද්යෝගිමත් ලෙස කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කළ හැකි සාර්ථක වසරක් වේවායි TTV News.lk අපි ප්‍රාර්ථනා කරනවා.
ඕනෑම ගමනකදී අභියෝග පැමිණීම ස්වාභාවිකයි. එම අභියෝග හමුවේ නොසැලී, ඉතාමත් ශක්තිමත්ව සහ ධෛර්යසම්පන්නව ඒවාට මුහුණ දීමටත්, ඒ තුළින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමටත් අවශ්‍ය කරන මානසික හා කායික ශක්තිය ඔබට නොඅඩුව ලැබේවා!
2025 වසරේ අප මුහුණ දුන් අවාසනාවන්ත ගංවතුර ව්‍යසනය හමුවේ ඔබ අප අත්විඳි දුක, වේදනාව සහ මානසික පීඩාව අප සැමගේ හදවත් ද දන්නා කරුණක්. ගලා ගිය වැසි දියට අපගේ මිනිසුන්,දේපළ යට වී ගිය ද, අපේ මිනිසුන්ගේ නොසැලෙන ශක්තිය සහ එකමුතුකම යටපත් කිරීමට කිසිදු ස්වභාවික විපතකට නොහැකි බව අපට ගිය වසරේ ප්‍රත්‍යක්ෂ වුණා.
ඉතින් මේ 2026 නව වසර ඒ මානසික අවපාතයෙන් මිදී නැවතත් සිනහවෙන් පිරි හෙටක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මානසික සහනය ඔබටත් ඔබේ පවුලේ සැමටත් නොඅඩුව ලැබේවා.
ඔබ තුළ ඇති අසීමිත ධෛර්යය, ඉදිරි වසරේ දී සියලු අභියෝග ජය ගැනීමට ඔබට ශක්තියක් වේවා !














