මිලේනියල් පරම්පරාවට (Millennials) සාපේක්ෂව නව පරම්පරාව හෙවත් Gen Z පරම්පරාව මත්පැන් පානය කෙරෙහි දක්වන උනන්දුව අඩුවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ මත්පැන් සහ වයින් අලෙවිය සැලකිය යුතු ලෙස පහත වැටෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 වසරේදී සැර මත්පැන් අලෙවිය 1% කින් සහ වයින් අලෙවිය 2.4% කින් අඩුවී ඇති අතර, මෙය වසරක් පාසා සිදුවන ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. දත්ත වාර්තාවලට අනුව Gen Z පරම්පරාව, මිලේනියල් පරම්පරාවට වඩා 20% කින් අඩුවෙන් මත්පැන් පරිභෝජනය කරයි.
මෙම තත්ත්වය හමුවේ මත්පැන් රහිත පානයන් (Non-alcoholic beverages) සඳහා ඇති ඉල්ලුම 8% කින් ඉහළ ගොස් ඇති අතර, 2028 වන විට එම වෙළඳපොළේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.7 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 1980-1995 කාලයේ උපන් මිලේනියල්වරුන්ට වඩා 1997 න් පසු උපන් Gen Z පරම්පරාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මීට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. 2010 න් පසු උපන් “ඇල්ෆා” (Alpha) පරම්පරාව ද ඉදිරියේදී මෙවැනිම සමාජීය වෙනස්කම් ඇති කරනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.














