දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (23) අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව සනාථ කළේය. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා, මහාධිකරණයෙන් නොතීසි ලැබුණු පසු එහි පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියෝග කළේය. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ දේපළ අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම නඩු පවරා තිබේ.












