පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන හිංසන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා නොදී වසන් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) සභාවේදී චෝදනා කළේය.
අද දින රැස්වන කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද, ඊට අදාළ සම්පූර්ණ වාර්තාව තවමත් තමන් වෙත ලැබී නොමැති බවත්, එවැනි වාර්තාවක් නොමැතිව කරුණු සාකච්ඡා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ අදාළ වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගත හැකි බවයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාද අවධාරණය කළේ ඕනෑම තීරණයක් ගැනීමට පෙර එම වාර්තාව අධ්‍යයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව තිබිය යුතු බවයි.












