ලොව අග්‍රගන්‍ය පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 1947/48 ඉන්දීය තරග සංචාරයේදී පැළඳි ‘Baggy Green’ වර්ගයේ ක්‍රිකට් තොප්පියක් ඔස්ට්‍රේලියාවේ පැවති ප්‍රසිද්ධ වෙන්දේසියකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 535,900ක (ඇමෙරිකානු ඩොලර් 319,000කට අධික) වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.
මෙය මෙතෙක් බ්‍රැඩ්මන්ගේ තොප්පියක් වෙනුවෙන් ලැබුණු ඉහළම මිල ලෙස සටහන් වන අතර, මීට පෙර 2024 වසරේදී එම තරගාවලියේම තොප්පියක් අලෙවි වූ මිල ද මෙයින් අභිබවා ගොස් ඇත.
බ්‍රැඩ්මන් විසින් මෙම තොප්පිය එකල ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රංග සොහොනි වෙත තෑගි කර තිබූ අතර, එහි ඇතුළත ක්‍රීඩකයින් දෙදෙනාගේම නම් සටහන් කර තිබීම විශේෂත්වයකි.
පරම්පරා තුනක් තිස්සේ සොහොනි පවුල සතුව සුරැකිව තිබූ මෙම තොප්පිය මිලදී ගත් පුද්ගලයා සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වුවද, එය ඉදිරියේදී ඔස්ට්‍රේලියානු කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
නිදහස් ඉන්දියාව සහභාගී වූ පළමු ටෙස්ට් තරගාවලිය මෙන්ම බ්‍රැඩ්මන් ඔස්ට්‍රේලියානු පසෙහි ක්‍රීඩා කළ අවසන් තරගාවලිය ලෙස ද මෙම 1947/48 තරගාවලිය ඉතිහාසයට එක් වේ.
ටෙස්ට් තරග 52කදී 99.94ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගත් බ්‍රැඩ්මන්ගේ මෙම තොප්පිය ක්‍රිකට් ලෝලීන් අතර ඉහළම වටිනාකමක් සහිත කීර්තිමත් සිහිවටනයක් ලෙස සැලකේ.














