කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගඟ මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
2017 වසරේ ගංවතුර පාලනය සඳහා කැලිඩෝ වැලිපරය කපා ජලය බැස යාමට සැලැස්වීම හේතුවෙන් කිලෝමීටර 2.5ක පමණ වෙරළ තීරයක් දැඩි ඛාදනයට ලක් වූ අතර, ගඟ මෝය ස්වභාවික ස්ථායී පිහිටීමෙන් බැහැර වීම නිසා සංචාරක කර්මාන්තයට සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුවිය.
මෙම තත්ත්වය හේතුවෙන් කළුතර කලපුවේ ජලය දූෂණය වීම සහ මත්ස්‍ය අභිජනනය අඩාල වීම වැනි පාරිසරික ගැටලු ද උද්ගතව පවතී.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විධිමත් අධ්‍යයනයකට අනුව, කළු ගඟේ ජල පහර පෙර තිබූ පරිදි යළි දකුණු දෙසට යොමු කිරීම සඳහා මෝයට දකුණින් පිහිටි වැලි පරය විවෘත කිරීමට සැලසුම් කර ඇත.
පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මගින් කළුතර ප්‍රදේශයේ වෙරළ ඛාදනයට ස්ථීර විසඳුමක් ලැබෙනු ඇති අතර, කලපු ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවීමට ද මග පෑදෙනු ඇත.













