පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27) නිල වශයෙන් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 6 වැනි ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් තැබීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සඳහා දෙමාපියන්ගේ සහ සමාජයේ පූර්ණ විශ්වාසය අවශ්‍ය බැවින්, මතුව ඇති සැක සංකා දුරු කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමට මෙලෙස කාලය ලබා ගත් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, 2032 වසර වන විට නව අධ්‍යාපන ක්‍රමය යටතේ පළමු සිසුවා බිහි කිරීම රජයේ ඉලක්කය බවයි.
මේ යටතේ වෘත්තීය පුහුණු අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් රුපියල් කෝටි 800ක් වෙන් කර ඇති අතර, ලෝකය ජය ගත හැකි සහකම්පනයෙන් යුත් පුරවැසියෙකු බිහි කිරීම මෙහි මූලික අරමුණ වේ. මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන 1350කට අධික ප්‍රමාණයක් ඒවායේ පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කඩිනමින් යළි ගොඩනැඟීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.














