ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදු කලාපයේ අද (01) වාර්තා වූ රිච්ටර් මාපක 3.5ක භූ චලනය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මෙම කම්පනය වැලිඔය, මුලතිව්, පදවිය සහ පුල්මුඩේ යන ප්‍රදේශවලට තදින් දැනී ඇති අතර නිවෙස්වල භාණ්ඩ සහ දොර ජනෙල් සෙලවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටිති. වර්ෂාව පවතින අවස්ථාවක මෙම කම්පනය සිදුවීම නිසා බොහෝ පිරිසක් මෙය ප්‍රබල අකුණු පිපිරීමක් ලෙස වරදවා වටහාගෙන තිබුණද, පසුව එය භූ චලනයක් බව තහවුරු විය.
ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විට හානි පිළිබඳ තොරතුරු රැස් කෙරෙමින් පවතින අතර, වෙරළබඩ කලාපයේ වෙසෙන ධීවර ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. භූ විද්‍යා අංශ පවසන්නේ මෙය සුළු මට්ටමේ භූ චලනයක් වුවද, පසු කම්පන (Aftershocks) ඇතිවීමේ ඉඩකඩ පිළිබඳව නිරීක්ෂණය කරමින් පවතින බවයි. මුහුදු පතුලේ සිදුවූ මෙම අභ්‍යන්තර වෙනස්වීම් පිළිබඳව සාගර විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.














