ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI IMPACT SUMMIT 2026’ සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති රාජ්‍ය නායක සැසිය අමතා තිබේ. එහිදී ලෝක නායකයින් අමතමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනාගත තාක්ෂණික දැක්ම සහ කෘතිම බුද්ධිය (AI) මානුෂීය අරමුණු සඳහා යොදාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කිසිවෙකුත් පසෙකට අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මූලික කරගත් කෘතිම බුද්ධියක් සම්බන්ධයෙන් පොදු වටිනාකම් බෙදාගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. කෘතිම බුද්ධිය හරහා උදාවන නව ලෝකය තුළ අනෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් හරහා ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සමුළුවට ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටින අතර, කලාපීය වශයෙන් කෘතිම බුද්ධිය භාවිත කිරීමේදී ශ්‍රී ලංකාව නායකත්වයක් ගැනීමට අපේක්ෂා කරන බව මෙම දේශනය හරහා මනාව පැහැදිලි විය.














