2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රය සහ විදේශ ප්‍රේෂණ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 11ක ඒකාබද්ධ ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 2.36ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.2කි. මීට අමතරව විදේශගත ශ්‍රී ලාංකිකයන් එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.8ක් ඉක්මවා තිබේ. රජය ක්‍රියාත්මක කළ මූලෝපායික රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිවූ බවත්, ඉදිරියේදී පැවැත්වෙන ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය හරහා මෙරට ආයෝජන අවස්ථා තවදුරටත් ලෝකයට විවෘත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














