මහනුවර දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ගන්නෝරුව-හල්ඔළුව මාර්ගයේ වරාතැන්න ප්‍රදේශයට ගල් සහ පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගය භාවිතය තාවකාලිකව අවදානම් තත්ත්වයට පත්ව තිබේ. අද (22) උදෑසන සිට මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘතව පැවතියද, වර්ෂාව පවතින අවස්ථාවලදී එම මාර්ගයේ ගමන් කිරීම දැඩි අවදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරන්නේ ආරක්ෂාව පතා හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. දිස්ත්‍රික්කයේ තවත් මාර්ග කිහිපයකට මෙලෙස පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් රියදුරන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.














