යාපනය (පලාලි) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තය පුළුල් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය 2027 ජූලි මාසය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වන අතර, දෙවන අදියරේ කටයුතු මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂිතය. උතුරු පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ විදේශීය සංචාරකයන්ට වඩාත් පහසු සේවාවක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම පුළුල් කිරීමත් සමඟ මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ජාලය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.














