ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල ද අද (23) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. අද දින පමණක් රන් මිල රුපියල් 3,000කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය දින දෙක තුළ සමස්ත මිල ඉහළ යාම රුපියල් 9,000කි. මේ අනුව මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 4 සීමාව පසුකර ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. මැදපෙරදිග පවතින යුදමය අවදානම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඇති වී තිබෙන ගෝලීය ආර්ථික වෙනස්කම් මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතු වී තිබේ.














