කහටගස්දිගිලිය, කොක්එඹේ ප්‍රදේශයේදී ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට උත්සාහ කළ පුද්ගලයෙකු, සවිකර තිබූ ඉනිමග කඩා වැටීමෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත. මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය, මහපොතාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකි. මෘත දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහටගස්දිගිලිය රෝහලේ තැන්පත් කර ඇති අතර, පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














