විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් පිරිසක් අද (25) උදෑසන කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර ඉදිරි සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ පොදු එකමුතුවක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති අතර, වත්මන් සමාජයීය හා ආර්ථික අර්බුද කිහිපයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම රට තුළ මතුව ඇති ගෑස් ගැටලුව, මෑතකදී වාර්තා වූ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳ සිද්ධිය සහ ඉහළ යමින් පවතින පාතාල ක්‍රියාකාරකම් හා ඝාතන රැල්ල මැඬපැවැත්වීම සම්බන්ධයෙන් නායකයින් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ. මෙම තීරණාත්මක හමුව සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත සහ සුගීශ්වර බණ්ඩාර ඇතුළු දේශපාලනඥයින් පිරිසක් එක්ව සිටියහ.














