ගාල්ල, ගිංතොට ගිංගඟ මාවතේ පිහිටි නිවසකට අද (25) අලුයම කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරකයින් විසින් පළමුව නිවසේ වහලයට පෙට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති අතර, එහි පිපිරීමත් සමඟ වහලයේ කොටසකට හානි සිදු වී ඇත. අනතුරුව නිවස ඉදිරිපිටට තවත් පෙට්‍රල් බෝම්බයක් එල්ල කර ඇති නමුත් එය පිපිරී නොමැති බව වාර්තා වේ.
මෙම නිවසේ පදිංචිකරුවෙකු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අතිරේක ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.














