දේශපාලකයන් විසින් රටේ ඉඩම් අවභාවිත කිරීමේ සංස්කෘතිය වත්මන් රජය සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඉඩම් සංවර්ධන ආඥා පනතේ සංකීර්ණ නීති නිසා පරම අයිතිය අහිමිව සිටි ගොවි ජනතාවට, එම කොන්දේසි ඉවත් කර නිදහස් ප්‍රදාන පත්‍ර ලබා දීම මෙහිදී සිදුවිය.
මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500ක් වෙත නිදහස් ප්‍රදාන පත්‍ර බෙදා දීම ආරම්භ වූ අතර, ඉදිරියේදී එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ. නව ලෝකයකට ප්‍රවිශ්ට වීමේදී ජනතාවගේ ඉඩම් සංකීර්ණ නීතිවලින් බැඳ තැබීම අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














