‘Oh! Carol’ සහ ‘Breaking Up Is Hard To Do’ වැනි අතිශය ජනප්‍රිය ගීත නිර්මාණය කළ ප්‍රවීණ අමෙරිකානු ගායක සහ ගීත රචක නීල් සෙඩකා (Neil Sedaka) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 86 වන වියේ පසු විය.
දශක හයකට අධික සිය වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන පහක් සඳහා නිර්දේශ වූ සෙඩකා, දක්ෂ පියානෝ වාදකයෙකු ලෙසද ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් මරණය තහවුරු කළද, මරණයට හේතුව හෝ ස්ථානය හෙළි කර නොමැත.














