ඉන්දියාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ටොන් 4,000ක පාවෙන වියළි තටාකයක් (Floating Dry Dock) පසුගියදා ගෝවා නැව් අංගනයේදී (Goa Shipyard Limited) නිල වශයෙන් දියත් කර තිබේ. මෙය ඉන්දියාව විසින් තම අසල්වැසි රටකට ලබාදෙන මෙවැනි වර්ගයේ විශාලතම ආරක්ෂක අපනයන ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වටිනා මෙම පාවෙන තටාකය, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන පරම ප්‍රදානයක් (Sovereign Grant) ලෙස 2022 මාර්තු මාසයේ අත්සන් කරන ලද ගිවිසුමක් යටතේ හිමිවේ. මීටර 115ක් දක්වා දිගැති නෞකා අලුත්වැඩියා කළ හැකි මෙම පහසුකම, ත්‍රිකුණාමලය නාවික තටාකයේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙමඟින් නාවික හමුදාවේ අලුත්වැඩියා වියදම් වාර්ෂිකව රුපියල් මිලියන 600කින් පමණ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














