පයාගල, අක්කරමලේ ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් කඩුවකින් පහරදී එක් අයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ගැටුමට සම්බන්ධ 40 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
ඊයේ (27) රාත්‍රියේ සිදුවූ මෙම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














