විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන අංශවල දෙදහසකට වැඩි පිරිසකගේ පුරප්පාඩු පැවතීමෙන් ඒවායේ අධ්‍යයන කටයුතු වලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තා වේ. 2018 වසරේ සිට බඳවා ගැනීම් නතර කර තිබීම සහ ආචාර්යවරුන් දෙදහසකට වැඩි පිරිසක් රට අතහැර යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම පුරප්පාඩු සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇති අතර, ඌව වෙල්ලස්ස සහ සබරගමුව විශ්වවිද්‍යාලවල ආචාර්ය හිඟය දැඩිව බලපා ඇති බව වාර්තා වේ.














