මැද පෙරදිග කලාපයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් පමණ සිටින බවත්, එහි පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකන බවත්, පවතින අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඔවුන්ට තරයේ උපදෙස් ලබාදෙන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකිකයන් විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසත්, අත්‍යාවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලට සහභාගී වීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටී. ඕනෑම හදිසි අවස්ථාවකදී සහාය ලබාදීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන අංක ක්‍රියාත්මක කර තිබේ.
හදිසි ඇමතුම් අංක:
විදේශ කටයුතු අමාත්‍යාංශය කොන්සියුලර් අංශය: 074-2595546
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය: 071-9802822
ක්ෂණික ඇමතුම් අංකය: 1989














