ඉරාන උත්තරීතර නායකයා සහ සනාථ වී නොමැති ආරංචි අනුව එරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් රැසක් ඝාතනය වීමෙන් පසු ඉරාන පාලන තන්ත්‍රය මුහුණ දී ඇති දැවැන්ත නායකත්ව හිස්තැන් පිරවීම සඳහා මේ වන විට වයස අවුරුදු 99ක් වන ආගමික නායකයෙකු වන අයතුල්ලා මොහොමඩ් අලි මෝවහෙඩි කර්මානි (Ayatollah Movahedi Kermani) ඉදිරියට පැමිණ තිබේ. ඉරාන විශේෂඥ මණ්ඩලයේ (Assembly of Experts) වත්මන් සභාපතිවරයා වන ඔහු, ඇමරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහිව සියලුම මුස්ලිම්වරුන් නැගී සිටිය යුතු බව පවසමින් ‘ජිහාඩ්’ (Holy War) ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම පූජකවරයාගේ ප්‍රකාශයත් සමඟ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉතිරිව සිටින සාමාජිකයන් සහ බසිජ් (Basij) මිලීෂියා කණ්ඩායම් වීදි බැස ඇති අතර, ඔවුන් ‘මරණය තෙක් සටන’ සඳහා සූදානම් වන ලෙස ජනතාවට බල කර සිටිති.














