මාතර පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය සහ රදම්පොළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලය අතර ප්‍රථම වරට සංවිධානය කරන ලද “Paramount Clash 2026” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (01) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. දෙවිදුහල් අතර සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම මංගල තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ බව ITN පුවත් වාර්තා කරයි.
පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයේ 100 වැනි සංවත්සරය (ශත වර්ෂ පූර්ණය) නිමිත්තෙන් මෙම තරගය පළමු වරට සංවිධානය කර තිබුණි. මෙම ඓතිහාසික තරගය නැරඹීම සඳහා විදුහල් දෙකෙහි වත්මන් ශිෂ්‍යයන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම විශාල ආදි ශිෂ්‍ය පිරිසක් ද ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ටී.ජී. කාව්‍ය චනුක විසින් මෙහෙයවූ අතර, රදම්පොළ සුමංගල මහා විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය ඉනුර නිම්සර විසින් දරන ලදී. කණ්ඩායම් දෙකම සිය මංගල හමුවේදී දක්ෂ ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
දකුණු ලක පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සහ සිසුන් අතර සුහදතාව වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම තරගය, ඉදිරි වසරවලදී ද අඛණ්ඩව පැවැත්වීමට විදුහල් බලධාරීන් අපේක්ෂා කරයි.














