අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ‘Operation Epic Fury’ මෙහෙයුමෙන් පසු මැදපෙරදිග කලාපය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, මෙය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය විය හැකි බවට බොහෝ දෙනා බිය පළ කරති. විශේෂයෙන්ම ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඉරානය අමෙරිකාවට ප්‍රහාර එල්ල කළහොත්, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වනුයේ අමෙරිකාව පුරා විසිරී ඇති න්‍යෂ්ටික මිසයිල ගබඩා (Missile Silos) පිහිටි ප්‍රාන්තයන්ය.
න්‍යෂ්ටික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයක් එල්ල වුවහොත් මොන්ටානා (Montana), උතුරු ඩැකෝටා (North Dakota), නෙබ්‍රස්කා (Nebraska), වයෝමිං (Wyoming) සහ කොලරාඩෝ (Colorado) යන ප්‍රාන්ත වඩාත් අවදානම් සහගත වන බවයි. අමෙරිකාවේ න්‍යෂ්ටික අවි බහුතරයක් ගබඩා කර ඇත්තේ මෙම ප්‍රාන්තවල බැවින්, සතුරු ප්‍රහාරයකදී මේවා ඉලක්ක වීමෙන් සිදුවන විකිරණ පිටවීම (Radioactive Fallout) හේතුවෙන් එම ප්‍රදේශවල ජීවය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. මෙම ප්‍රදේශවල විකිරණ මට්ටම 1 Gy සිට 84 Gy (Grays) දක්වා ඉහළ යා හැකි අතර, මිනිසෙකු මියයාමට 8 Gy ප්‍රමාණයක විකිරණ මාත්‍රාවක් ප්‍රමාණවත් වේ.
න්‍යෂ්ටික විකිරණවලට නිරාවරණය වීමේ අවම අවදානමක් සහිත ‘ආරක්ෂිතම’ ප්‍රාන්ත ලෙස මේන් (Maine), නිව් හැම්ප්ෂයර් (New Hampshire), වර්මොන්ට් (Vermont), මැසචුසෙට්ස් (Massachusetts) සහ කනෙක්ටිකට් (Connecticut) ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත රැසක් හඳුනාගෙන තිබේ. මෙවැනි ප්‍රාන්තවල විකිරණ මට්ටම 0.001 Gy වැනි ඉතා අවම අගයක පවතිනු ඇතැයි විද්‍යාත්මක දත්ත පෙන්වා දෙයි. පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද තමන් වෙසෙන ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වීම වැදගත් වේ.














