එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා (Ras Al Khaimah) ප්‍රාන්තයට අද අලුයම එල්ල වූ ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් ඩුබායි නගරය ඇතුළු අවට ප්‍රදේශවල දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. ඩුබායි සිට විනාඩි 60ක පමණ දුරකින් පිහිටි මෙම ප්‍රාන්තයේ අහසේ විශාල පිපිරීම් හඬවල් වාර්තා වූ අතර, එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු ප්‍රහාර කිහිපයක් අහසේදීම විනාශ කර ඇති බව වාර්තා වේ. මිනා සකර් වරාය ආසන්නයේ නෞකාවකටද මෙම ප්‍රහාරවලින් හානි සිදුව ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස එමීර් රාජ්‍යයේ උතුරු කලාපයේ පදිංචිකරුවන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස බලධාරීන් නිවේදනය කර ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සහ නාවික ගමන් මාර්ගවලටද දැඩි බාධා එල්ල වී තිබේ.














