හෙද නිලධාරීන් 45,000 කට අධික පිරිසකගේ ලියාපදිංචි කටයුතු සහ වෘත්තීය පුහුණු කටයුතු වඩාත් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා හෙද සභාවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩමක් වෙන් කර දී ඇත. කොළඹ ජාතික රෝහලට අයත් පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ආසන්නයේ පිහිටි ඉඩම් කොටසක් දිගුකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. වසර 15 ක් තිස්සේ තාවකාලික ස්ථානයක පවත්වාගෙන ගිය මෙම ආයතනයට නව ගොඩනැගිල්ලක් ලැබීම හෙද සේවාවේ ප්‍රමිතිය නියාමනය කිරීමට මහත් පිටුවහලක් වනු ඇත.














