දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු-මැද සහ ඌව යන පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර රියදුරන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් වේ.
සුළං නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 20 සිට 30 දක්වා වේගයකින් හමා යන අතර දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බැවින් ධීවර කටයුතුවලට බාධාවක් නොමැත. වියළි කාලගුණයත් සමඟ පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව ජනතාව විමසිලිමත් විය යුතුය.














