ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු සුවිසල් නිවසක් සහ ඉඩමක් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන මෙම සුඛෝපභෝගී දෙමහල් නිවස සහ ඉඩම පරිහරණය කිරීම මෙන්ම විකිණීම හෝ පැවරීම මෙලෙස අත්හිටුවා ඇත. අපරාධ මගින් උපයා ගන්නා දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.














