බොරැල්ල ප්‍රදේශයේ ඉඩමකට අදාළව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවට වරදකාරිය වූ රේණුකා ප්‍රියදර්ශනී නැමති නීතිඥවරියකට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (05) නියෝග කළාය. මීට වසර 16කට පෙර, එනම් 2010 ජනවාරි 22 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මෙම ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ල විසින් සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් කරුණු දෙකකට වරදකාරිය වූ ඇයට, එක් චෝදනාවකට වසර 6 බැගින් වසර 12ක සිරදඬුවම් නියම කෙරිණි. කෙසේ වෙතත්, එම දඬුවම් කාලය එකවිට ගෙවී යන පරිදි (Concurrently) ක්‍රියාත්මක කළ යුතු බවට නියම කළ විනිසුරුවරිය, ඒ අනුව වසර 6ක කාලයක් සිරදඬුවම් විඳිය යුතු බවට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, වෘත්තීය මට්ටමේ පුද්ගලයන් මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ වීම බරපතළ කරුණක් බව අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දෙයි.














