කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය වහාම හිස් කරන ලෙසත් එහි ඇති රහස්‍ය දත්ත පද්ධති (Servers) සහ තොරතුරු විනාශ කර දමන ලෙසත් එක්සත් ජනපද රජය නියෝග කර තිබේ. බීබීසී පුවත් සේවයට අනුව මෙම ඉවත් කිරීමේ කටයුතු ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක හේතූන් මත මෙම දැඩි පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල ප්‍රහාරයක් එරට හමුදාව විසින් සාර්ථකව මැඩපැවැත්වූ බවට කළ ප්‍රකාශයෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. කලාපය තුළ පවතින උණුසුම් යුදමය තත්ත්වය හමුවේ තම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රහස්‍ය තොරතුරු සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාල පරිශ්‍රයේ ඇති ලිපිගොනු පවා විනාශ කරන ලෙස උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.














