තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මහකිවුල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ‘ගෝඩා’ තොගයක්, පෙරන ලද මත්පැන් සහ නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ප්‍රදේශයේ නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා පොලිසිය මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබයි.














