පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටි ගණනක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 590ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 910ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය මධ්‍යයේ වුවද, මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම් මැඩලීමට ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බව මෙම වැටලීමෙන් තහවුරු වේ.














