සවුදි අරාබියේ අතිශය වැදගත් ෂයිබා (Shaybah) තෙල් නිධිය සහ අල්-ඛර්ජ් (Al-Kharj) හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් අද (07) අලුයම එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් සාර්ථකව මැඩපැවැත්වූ බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. සවුදි ආරක්ෂක ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මලිකි සඳහන් කළේ අවස්ථා හතරකදී ෂයිබා තෙල් නිධිය දෙසට පැමිණි ඩ්‍රෝන යානා 16ක් ‘හිස් අර්ධද්වීපය’ (Empty Quarter) ප්‍රදේශයේදී විනාශ කළ බවයි.
මීට අමතරව අල්-ඛර්ජ් ප්‍රදේශයේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර වෙත එල්ල කළ බලිස්ටික් මිසයිලයක් සහ කෲස් මිසයිලයක් ද සවුදි ගුවන් ආරක්ෂක පද්ධති මඟින් බිම හෙළා ඇත. රියාද් අගනුවරට නැගෙනහිර දෙසින් පැමිණි තවත් ඩ්‍රෝන යානයක් ද විනාශ කිරීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. අල්-ඛර්ජ් කාර්මික කලාපය ඉලක්ක කරගනිමින් පිට පිට තෙවන දිනටත් එල්ල වූ මෙම ප්‍රහාරය පෙබරවාරි 28 වැනිදා ඇරඹි ඉරාන-ඇමෙරිකා ගැටුමේ තවත් එක් තීව්‍ර වීමකි.
පසුගිය පැය 24 තුළ පමණක් සමස්ත ගල්ෆ් කලාපය පුරා ප්‍රහාරවල සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඩ්‍රෝන යානා 125ක් සහ මිසයිල 6ක් ව්‍යර්ථ කර ඇත. සවුදි කැබිනට් මණ්ඩලය සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අවධාරණය කර ඇත්තේ, මෙම “ද්‍රෝහී ඉරාන ආක්‍රමණයන්ගෙන්” සිය භූමිය සහ වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ පූර්ණ අයිතිය සවුදි අරාබිය සතු බවයි.














