කටාර් රාජ්‍යය තුළ පවතින ආරක්ෂක තර්ජන මට්ටම “ඉහළ” (High) මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය. පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සියලුම පුද්ගලයින්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස (Stay Indoors) බලධාරීන් විසින් දැනුම් දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස පදිංචිකරුවන්ගේ ජංගම දුරකථන වෙත මෙම පණිවිඩය යවා ඇති බවයි. නැවත දැනුම් දෙන තුරු අනවශ්‍ය ලෙස පොදු ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත්, උපරිම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් උපදෙස් ලබා දී ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව සහ පසුගිය දිනවල දෝහා ගුවන්තොටුපළ ආශ්‍රිතව සිදු වූ සිදුවීම් මෙම තීරණයට බලපා ඇති බව විශ්වාස කෙරේ. කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද එරට ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් වේ.














