ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ වාහනවලට බාධා කරමින් සහ ජීවිත අවදානමක් ඇති කරමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කළ 19 හැවිරිදි තරුණයෙකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක් පදනම් කරගනිමින් පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.
පසුගිය 08 වැනිදා සවස සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී, සැකකරුට එරෙහිව අපරීක්ෂාකාරී ධාවනය පමණක් නොව, මාර්ගයේ ගමන් ගත් අනෙක් පිරිස්වලට අනතුරක් වන ලෙස කටයුතු කිරීම හේතුවෙන් “සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම” යන බරපතළ චෝදනාව ද ගොනු කර ඇත. නවගත්තේගම පදිංචි මෙම සැකකරු සහ අදාළ යතුරුපැදිය ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














