මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් අතරමංව සිටි චීන ජාතිකයන් 10,000කට අධික පිරිසක් ආරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට චීන රජය පියවර ගෙන තිබේ. ගුවන් සීමා වැසී යාම සහ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ වුවද එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය සහ සෞදි අරාබිය වැනි රටවල සිටි සිය වැසියන් මෙලෙස විශේෂ මෙහෙයුමක් මඟින් ගෙන්වා ගැනීමට චීන විදේශ අමාත්‍යාංශය කටයුතු කර ඇත. මීට අමතරව පසුගිය සතිය වන විට ඉරානයේ සිටි චීන ජාතිකයන් 3,000කට වැඩි පිරිසක් ද ඉවත් කර ගැනීමට කටයුතු කර තිබූ අතර එයාර් චයිනා සහ චයිනා සදර්න් එයාර්ලයින්ස් වැනි ප්‍රධාන ගුවන් සේවා මඟින් සිය ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමට ද චීන බලධාරීන් පියවර ගෙන තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින චීනය වහාම සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ද අවධාරණය කර සිටියි.














