පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු ($ADB$) මූලස්ථානයේදී ඊයේ (10) පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” ($Shireen$ $Lateef$ $Women’s$ $Leadership$ $Award$) පිරිනමනු ලැබීය. කාන්තා නායකත්වය සහ ඔවුන් සවිබලගැන්වීම වෙනුවෙන් ඇය සිදුකරන සුවිශේෂී මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමා ඇති අතර, උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ කාන්තාවන් පවුල වෙනුවෙන් සිදුකරන එහෙත් ඇගයීමට ලක් නොවන ගෘහස්ථ කාර්යයන් ජාතික ආර්ථිකයේ වැදගත් කොටසක් බවයි.
සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක් පවත්වා ගැනීම සහ කාන්තාවන් තීරණ ගන්නා මට්ටමේ දේශපාලන ක්‍රියාවලියට එක්වීමේ වැදගත්කම ද මෙහිදී ඇය පෙන්වා දුන්නාය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ විදේශ තානාපතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උළෙලේදී, කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය.














