සිසු හෙද පුහුණුව සඳහා තෝරාගත් අයැදුම්කරුවන් 2,918 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ලබන සෙනසුරාදා (මාර්තු 14) දින සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ සෞඛ්‍ය සේවයේ පවතින හෙද හිඟයට පිළියම් යෙදීම සහ සේවාව ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ නිල උත්සවය එදින කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. පත්වීම් ලැබීමෙන් අනතුරුව මෙම පිරිස දිවයින පුරා පිහිටි හෙද විදුහල් වෙත පුහුණුව සඳහා යොමු කෙරෙනු ඇත. සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නවක හෙද නිලධාරීන් බඳවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.














