පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කිරීමට හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා අද (මාර්තු 11) මේ බව ප්‍රකාශ කළේය.
වත්මන් රජය බලයට පත්වූයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට වූ පොරොන්දුව මත බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, දැනට සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය සහ ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුවන බව සඳහන් කරයි. විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ විනිවිදභාවයකින් යුතුව සිදු විය යුතු බව ඔහුගේ අදහසයි.
මෙම කුරිරු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දිය යුතු බවත්, එවැනි සාධාරණ පරීක්ෂණයකට තමා සැමවිටම සහාය දක්වන බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය සටහන මගින් දන්වා සිටියි.














