කෘත්‍රිම බුද්ධිය (AI) වේගයෙන් වර්ධනය වීමත් සමඟ තාක්ෂණික, මාධ්‍ය සහ විදුලි සංදේශ (TMT) අංශවල මෘදුකාංග, මාධ්‍ය සහ සේවා යන ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතු අඩාල වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. විශේෂයෙන්ම මෘදුකාංග, බුද්ධිමය දේපළ සහ සන්නාම වැනි අස්පෘශ්‍ය වත්කම් මත පදනම් වූ ව්‍යාපාර, AI මගින් නිර්මාණය වන විකල්ප සේවාවන් හේතුවෙන් දැඩි තරඟකාරීත්වයකට සහ ලාභාංශ අඩු වීමේ තර්ජනයකට මුහුණ දී සිටී.
AI තාක්ෂණය මගින් නව ව්‍යාපාරිකයන්ට වෙළඳපොළට පිවිසීමේ පිරිවැය අඩු කර ඇති බැවින්, දැනට පවතින සමාගම්වල මිල ගණන් සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි ඉන් බලපෑමක් එල්ල වේ. කෙසේ වෙතත්, හිමිකාර දත්ත (Proprietary Data) සහිත සහ නියාමන රාමුවලට අනුකූලව අත්‍යවශ්‍ය සේවාවන් සපයන සමාගම්වලට මෙම අවදානමට ඔරොත්තු දීමේ හැකියාව පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි. මීට අමතරව, AI තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය නම්‍යශීලීභාවය පවතින සමාගම්වලට සිය වෙළඳපොළ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.
තාක්ෂණික ක්ෂේත්‍රයෙන් බැහැරව බලන කල, උතුරු ඇමරිකානු සමාගම් බොහොමයක් AI සඳහා ආයෝජනය කිරීමේදී ඉතා ප්‍රවේශම් සහගත පිළිවෙතක් අනුගමනය කරන බව ද ෆිච් වාර්තාව පවසයි. බොහෝ ක්ෂේත්‍ර සඳහා AI තාක්ෂණය තවමත් කෙටි කාලීන ශ්‍රේණිගත කිරීම් කෙරෙහි බලපෑමක් එල්ල කරන සාධකයක් බවට පත්ව නොමැති අතර, ආයතන බොහොමයක් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ AI භාවිතයෙන් සිය කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමටයි.














