ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණයට විරෝධය පළ කරමින් ධුරයෙන් ඉල්ලා අස්වූ අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝ කෙන්ට් (Joe Kent) මහතාට එරෙහිව එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රහසිගත තොරතුරු කාන්දු කිරීමේ චෝදනාව මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර සිටම මෙම විමර්ශන ආරම්භ වී ඇති බව වාර්තා වේ. ඊයේ (18) සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් කෙන්ට් මහතා සඳහන් කළේ ඉරානයෙන් අමෙරිකාවට එල්ල වූ ක්ෂණික තර්ජනයක් නොමැති බවත්, ඊශ්‍රායලයේ සහ ප්‍රබල අමෙරිකානු ලොබි කණ්ඩායම්වල පීඩනය මත මෙම යුද්ධය ආරම්භ කර ඇති බවත්ය. ට්‍රම්ප් පරිපාලනය තුළ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් මතුව ඇති මෙම අර්බුදය දේශපාලනික වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇති අතර, ස්ටීව් බැනන් වැනි ප්‍රබල ට්‍රම්ප් හිතවාදීන් පවා මෙම යුද්ධයට සිය විරෝධය පළ කර තිබීම විශේෂත්වයකි.














