වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති අයිතිවාසිකම් පෙත්සම සමථයකට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (19) අදාළ පාර්ශවකරුවන්ට නියෝග කළේය. පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹුණි. තම වැඩ තහනම් කිරීම අත්තනෝමතික බව පවසමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම හරහා සහනයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කර අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත.














