ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (මාර්තු 20) පෙරවරු 9.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. අද දිනයේ විශේෂත්වය වන්නේ මැදපෙරදිග අර්බුදය ඇතුළු ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතව තිබීමයි.
පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. අනතුරුව පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රශ්න සඳහා අවස්ථාව හිමි වේ.
අද දවසේ ප්‍රධානතම කටයුත්ත ලෙස පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ විවාදය පැවැත්වේ. ගෝලීය බලශක්ති අර්බුදය සහ යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු විදේශ ප්‍රතිපත්තිය සහ ආර්ථික උපායමාර්ග පිළිබඳව මෙහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට නියමිතය.














