මීගමුව පොලිස් වසමට අයත් අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවලදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස පෙට්‍රල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව 2026 මාර්තු 20 වැනිදා සවස් කාලයේ මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි පෙට්‍රල් ලීටර් 18 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 51 සහ 53 යන වයස්වල පසුවන අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙලෙස බලපත්‍ර රහිතව ඉන්ධන රැස්කර තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. පවතින නීතිමය තත්ත්වයන් යටතේ අනාරක්ෂිත ලෙස ඉන්ධන ගබඩා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිසිය සිහිපත් කරයි.
















