ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බටහිර ඉවුරේ පිහිටි පලස්තීන ගම්මාන ඉලක්ක කර ගනිමින් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරවලදී පලස්තීන වැසියන්ගේ නිවාස, වාහන සහ කෘෂිකාර්මික බිම් රැසකට ගිනි තබා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆන්දුක්මියා (Fanduqmiya) ගම්මානයේ නිවාස කිහිපයක්ම මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති අතර, ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇත.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇත්තේ සෙනසුරාදා දින 18 හැවිරිදි ඊශ්‍රායල ජාතික තරුණයෙකු වූ යෙහුඩා ෂර්මන් (Yehuda Sherman) මියයාමත් සමඟය. ඔහු සිය රෝද හතරේ මෝටර් බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී පලස්තීන ජාතිකයෙකු පැදවූ වාහනයක ගැටී මියගොස් ඇති අතර, එය හිතාමතා සිදුකළ ඝාතනයක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳව එරට පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම මරණයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායල පදිංචිකරුවන් වට්ස්ඇප් (WhatsApp) සමූහ හරහා සංවිධානය වී “පළිගැනීමේ මෙහෙයුමක්” ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන පරිදි, ගතවූ පැය කිහිපය තුළ පමණක් මෙවැනි ප්‍රහාර 20 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් සංකීර්ණ වෙමින් පවතින අතර, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය යොමුව ඇත.















